අයහපත් කාලගුණය නිසා වේරහැර සේවා අඩාල වෙයි

(විනීතා එම් ගමගේ)
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර ප්‍රධාන කර්යාලය හා ප්‍රාදේශීය කාර්යාලවල මාර්ගගත රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේ සේවා සිදුකිරීම තාවකාලිකව අක්‍රිය වී ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත් මාර්ගගත සේවා යථා තත්ත්වයට පත් කරන තුරු දිස්ත්‍රික් කාර්යාලවල සාමාන්‍ය සේවා පැවැත්වෙන බව ද එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
