අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායකට

අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායකට

(කටුනායක – ටී.කේ.ජී.කපිල)
මෙරට පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සදහා අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම 01 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
ක්‍රීඩකයන් සහ නිලධාරීන් 25 දෙනකුගෙන් සමන්විත අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම 01 දින රාත්‍රී 09.55 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ නිලධාරීවරුන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

Share This