අඹ ගෙඩි 120ක් සොරාගෙන යතුරුපැදියකින් පළායන්න හැදූ දෙදෙනාගෙන් අයෙක් මාට්ටු

අඹ ගෙඩි 120ක් සොරාගෙන යතුරුපැදියකින් පළායන්න හැදූ දෙදෙනාගෙන් අයෙක් මාට්ටු

(මොනරාගල – ළහිරු ගුණතිලක)
බුත්තල පොලිස් වසමට අයත් කුඩාඔය, ඌව කුඩාඔය ප්‍රදේශයේ පුද්ගලික ආයතනයට අයත් අඹ වගාවකින් අල්පොන්සෝ වර්ගයට අයත් අඹ ගෙඩි එකසිය විස්සක් කඩාගෙන යතුරු පැදියකින් පළායෑමට සැරසුණු දෙදෙනෙකුගෙන් එක් අයකු ආරක්ෂක නිලධාරීන් විසින් අල්ලාගෙන ඇත.
එදින රාත්‍රී මුර සේවා රාජකාරියේ යෙදී සිටි සමාගමේ නිලධාරීන්ට කිසියම් පුද්ගලයින් දෙදෙනෙකු විසින් අඹ කඩන බවට ලද තොරතුරක් මත ගොස් බැලීමේදී අඹ කඩා ගෝනි දෙකකට දමාගෙන යතුරුපැදියකින් පළා යාමට උත්සාහ කළ අවස්ථාවේදී ඔවුන් විසින් එක් අයෙකු අල්ලාගෙන ඇති අතර අනෙක් පුද්ගලයා පළාගොස් තිබේ.
එදින රාත්‍රියේ බුත්තල පොලිසියේ රාත්‍රී ජංගම සේවා සංචාරයේ නිරත නිලධාරීන්ට ඒ පිළිබඳ දැනුම්දී සැකකරු පොලීසියට භාරදී ඇත.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වැල්ලවාය යාලබෝව වෙල්ලස්ස විලේජ් අංක 61 පදිංචි විසිහත් හැවිරිදි පුද්ගලයෙකි.
පළාගිය සැකකරු සහ යතුරුපැදිය අත්අඩංගුවට ගැනීමට බුත්තල පොලීසිය පරීක්ෂණ පවත්වයි.

 

Share This