අඹතලේ සහ දෙහිවල දක්වා අතර ජල සැපයුම් මාර්ගයේ හදිසි බිඳවැටීමක්

අඹතලේ සිට දෙහිවල දක්වා ජලය නිකුත් කරන ප‍්‍රධාන ජල සැපයුම් මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ප‍්‍රදේශ කිහිපයකට ජල සැපයුම මේ වන විට අත්හිටුවා තිබේ. ඒ අනුව රාවතාවත්ත, මොරටුව, රත්මලාන, සොයිසා පුර, දෙහිවල, ගල්කිස්ස, වැල්ලවත්ත, මුල්ලේරියාව පාමංකඩ, කොළොන්නාව, යන ප‍්‍රදේශවලට මෙම ජල කප්පාදුව බලපැවැත්වේ. ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනුයේ හෙට (19) උදෑසන 6ට පෙර සැපයුම යථාතත්ත්වයට පත්කිරීමට බලාපොරොත්තු වන බවය.

Share This