අමෙරිකාවෙන් පිටත්වූ රුසියානු කාන්තාවක් ප්‍රංශයේදී අත්අඩංගුවට

ගුවන් යානයක හොරෙන් ගිහින්

අමෙරිකාවෙන් පිටත්වූ රුසියානු කාන්තාවක් ප්‍රංශයේදී අත්අඩංගුවට

ගුවන් යානයක් තුළ සැඟවී සිටි රුසියානු කාන්තාවක් බදාදා රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව FBI ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ඇය එලෙස ගමන් කර ඇත්තේ පසුගිය සතියේ නිව් යෝර්ක් සිට පැරිස් බලා පියාසර කරමින් තිබූ ඩෙල්ටා එයාර් ලයින්ස් ගුවන් යානකයි.
ප්‍රංශ බලධාරීන් ස්වෙට්ලානා ඩාලි ලෙස මෙම කාන්තාවව හඳුනාගෙන ඇති අතර, ඇයව නැවත අමෙරිකාවටම පිටත් කර යවන බවයි පවසා ඇත්තේ.අමෙරිකා එක්සත් ජනපදයට ආපසු පැමිණීමෙන් පසු, අවසරයකින් තොරව යාත්‍රාවක හෝ ගුවන් යානයක ගමන් කිරීම සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ල වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, වරදකරු වීමෙන් අනතුරුව වසර පහක සිර දඬුවමකට යටත් විය හැකි බව සඳහන්. වසරේ කාර්යබහුලතම සංචාරක දිනයක් තුළ 57 හැවිරිදි ඩාලි කෙසේ හෝ ගුවන් යානයකට රිංගා ගත් සිදුවීම, ගුවන් තොටුපල ආරක්ෂාව පිළිබඳ බරපතල ප්‍රශ්න මතු කර ඇති බවයි CNN පුවත් සේවය පවසන්නේ.

Share This