අමෙරිකානු Boeing -135ක් ඉරාකයේදී අතුරුදහන්! කුමක් සිදුවුණාද? තවම තොරතුරක් නෑ

ඉරානයට එරෙහිව ඇමරිකාව සිදුකරන හමුදා මෙහෙයුමකට සම්බන්ධ වූ ඇමරිකානු හමුදා ඉන්ධන පිරවුම් ගුවන් යානයක් ඉරාකයේ බටහිර ප්‍රදේශයක කඩා වැටී ඇති බව United States Central Command (CENTCOM) පවසයි.
CENTCOM සඳහන් කර ඇත්තේ මෙම සිදුවීම “Operation Epic Fury” යන හමුදා මෙහෙයුම අතරතුර මිතුරු පාලන ගුවන් අවකාශයක සිදුවී ඇති බවයි. එමෙන්ම එය සතුරු ප්‍රහාරයකින් හෝ මිත්‍ර හමුදා වෙඩි ප්‍රහාරයකින් සිදුවූවක් නොවන බවද ඔවුන් පැවසීය.
බ්‍රහස්පතින්දා නිකුත් කළ නිවේදනයකට අනුව මෙම සිද්ධියට ගුවන් යානා දෙකක් සම්බන්ධ වී ඇති අතර ඒ අතරින් එකක් ඉරාකයේ බටහිර ප්‍රදේශයේ කඩා වැටී ඇති අතර අනෙක් ගුවන් යානය ආරක්ෂිතව ගොඩබස්වා ඇත.
මෙම සිදුවීමෙන් අනතුරට ලක්වූ පුද්ගලයින් සෙවීම සඳහා ගලවා ගැනීමේ මෙහෙයුම් මේ වනවිටත් සිදුකරමින් පවතින බවද සඳහන් වේ.
කඩා වැටුණු ගුවන් යානය Boeing KC-135 Stratotanker වර්ගයේ හමුදා ඉන්ධන පිරවුම් ගුවන් යානයක් වන අතර එවැනි ගුවන් යානා යුධ මෙහෙයුම්වලදී අනෙකුත් යානාට ගුවන් මධ්‍යයේ ඉන්ධන ලබාදීම සඳහා වැදගත් භූමිකාවක් ඉටු කරයි.
