අමෙරිකානු ප්‍රහාරක නෞකාවක් ඉන්දියන් සාගරයට ඇතුළු වෙයි…
මැරීන් භටයන් 1,800 ක් රැගත් ‘USS Tripoli’ ප්‍රහාරක නෞකාව ඉන්දියන් සාගරයේ ස්ථානගත කර ඇති බව එක්සත් ජනපද මධ්‍යම විධානය (CENTCOM) ප්‍රකාශ කර තිබෙනවා.
ඉරිදා දිනයේ ඉන්දියන් සාගරයේ යාත්‍රා කරමින් තිබූ ටොන් 45,000 ක් බරැති මෙම දැවැන්ත යුධ නෞකාවේ ඡායාරූපයක් U.S. Central Command මූලස්ථානය විසින් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක් කර තිබුණා.
කෙසේ වෙතත්, එම නෞකාව ඉරාන වෙරළ තීරයේ සිට කොපමණ දුරකින් පිහිටා තිබේ ද යන්න එහි සඳහන් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
නාවික හමුදා තොරතුරු වාර්තාවලට අනුව, ‘Tripoli’ නෞකාවට මැරීන් භටයන් 1,850 ක් සහ නාවිකයන් 1,200 ක කාර්ය මණ්ඩලයක් රැගෙන යාමේ හැකියාව පවතිනවා.
ඉරානයේ තෙල් අපනයනයෙන් 90% ක් සිදුවන Kharg දූපත අත්පත් කර ගැනීමට ඇමෙරිකානු හමුදාවන්ට හැකි බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර ඉඟි කර තිබුණා.

