අමෙරිකානු දේශපාලන ඉතිහාසය වසර 40කට පසු වෙනස් කළ, ශීත කාලගුණය
පවතින දැඩි ශීත කාලගුණය හමුවේ, ට්‍රම්ප්ගේ දිවුරුම් දීමේ උත්සවය ගෘහස්ථව සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ, අමෙරිකානු දේශපාලන ඉතිහාසයේ වසර 40කට පසුවයි.
විදෙස් වාර්තාවන්ට අනුව ට්‍රම්ප්ගේ දිවුරුම් දීම සඳුදා දින එක්සත් ජනපද කැපිටල් ගොඩනැගිල්ල තුළ සිදුවනු ඇති.
වසර 40 ක ඉතිහාසය තුළ එක්සත් ජනපද ජනාධිපති පදවි ප්රාප්ති උත්සව පැවතියේ එළිමහන් පරිශ්‍රයකයි.
අධික ශීත කාලගුණය හේතුවෙන් අවසන් වරට එක්සත් ජනපද ජනාධිපති පදවි ප්රාප්ති උත්සවයක් ගෘහස්ථව පවත්වා තිබුණේ, 1985 වසරේදීයි.
ඒ හිටපු රිපබ්ලිකන් ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ දෙවන දිවුරුම් දීම වෙනුවෙනි.