අමැති වසන්ත හා කථානායක සතු ගිණුම් ගැන දයාසිරිගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්

අමැති වසන්ත හා කථානායක සතු ගිණුම් ගැන දයාසිරිගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්

වසන්ත සමරසිංහ ඇමැතිවරයා විසින් ලබා ගෙන තිබෙන ක්‍රිප්ටෝ මුදල් 3000 සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සතුව බයිනෑන්ස් ගිණුමේ ඹීෘඔ 1850 ලබා ගත්තේ කෙසේද යන්න පාර්ලිමේන්තුවට හෙළි කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් මන්ත්‍රි දයාසාරි ජයසේකර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
වරප්‍රසාද ප්‍රහ්නයක් යොමු කරමින් දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා මේ හේතුවෙන් පාර්ලිමේන්තුවේ සියලුම මහජන නියෝජිතයන්ගේ වරප්‍රසාද උල්ලංඝණය වී ඇති බවයි.
ඒ නිසා ඒ ගැන කඩිනමින් අවධානය යොමු කරන ලෙසද ඒ මහතා ඉල්ලා සිටියේය.
1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත ප්‍රකාරව සකස් කොට 2018 මාර්තු 07 වැනිදා සම්මත කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සඳහා වන චර්යාධර්ම සංග්‍රහයේ ඪෂ වන කොටසේ 14-22 දක්වා වන මන්ත්‍රිවරුන්ගේ මූල්‍ය බැඳීම ලේඛනය උපුටා දක්වමින් මෙම වරප්‍රසාද ප්‍රශ්නය ඒ මහතා මතු කළේය.

Share This