අම්ම අහිමිවූ පුංචි Punchට මව් සෙනෙහස ලබාදුන් බෝනික්කා

පුංචි හදවතක්… ලොකු පාලුවක් ජපානයේ සත්වෝද්‍යානයක නරඹන්නන්ගේ නෙත් නතර වුණේ දඟකාර වඳුරු පැටියෙකු නිසා නොවෙයි… තමන්ට වඩා ලොකු රෙදි බෝනික්කෙකු පපුවට තුරුළු කරගෙන නිහඬව හිඳින පුංචි ජීවිතයක් නිසායි.ඒ තමයි පන්ච් කුන්… උපන් මොහොතේම අම්මා අහිමි වූ ඔහුට ලෝකය උණුසුම දුන්නා… නමුත් අම්මාගේ ආදරය දීමට කාටවත් බැරි වුණා.වඳුරු රැලට එකතු කළත්… ඔහුට එහි තැනක් තිබුණේ නැහැ.අනෙක් පැටවුන් සෙල්ලම් කරන අතර ඔහු බෝනික්කා තුරුළු කරගෙන තමන්ගේ පාලුව සැඟවුවා… ඒ බෝනික්කා ඔහුට සෙල්ලම් බඩුවක් නෙවෙයි
ඔහු දන්නා එකම “පවුල” එයයි.ජීවිතයේ අපට ලැබිය යුතු ආදරය අහිමි වුණාම… අපිත් කවුරුන් හෝ, කුමක් හෝ පපුවට තුරුළු කරගෙන ජීවත් වෙනවා.සමහර තුවාල කාලයත් සමඟම සුව වෙයි…
සමහර තුවාල අපව වෙනස් කරයි.
