අමරපුර මහා නිකායේ මහ නා පදවිය කරගොඩ-උයන්ගොඩ මෛත්‍රී මුර්ති හිමියන්ට: සංඝ සභාව ගත් තීරණය
අමරපුර මහ නිකායේ මහා නායක පදවියට කරගොඩ-උයන්ගොඩ මෛත්‍රී මූර්ති හිමියන් පත්වී තිබෙනවා.
අමරපුර සංඝ සභාව විසින් මෙම පත්කිරීම අද (26) දින සිදු කළ බව සඳහන්.
මෛත්‍රී මූර්ති හිමියන් පසුගිය කාලයේ අමරපුර මහා නිකායේ වැඩබලන මහා නායක සහ අමරපුර සංඝ සභාවේ සභාපති යන නතුරුවල කටයුතු කළා.
බලන්ගොඩ – මිරිස්වත්ත සිරි ධර්මානන්ද පිරිවෙනෙහි අධ්යක්ෂ, සබරගමු පළාත් විශ්‍රාමික අධ්‍යාපන අධ්යක්ෂ යන තනතුරුවල ද උන්වහන්සේ කටයුතු කළ බව වැඩිදුරටත් සඳහන්.