අප කිසිවිටෙකත් සටන් විරාමයක් හෝ සාකච්ඡා ඉල්ලා නැහැ – ඉරානය
ඉරානය කිසිම අවස්ථාවක සටන් විරාමයක් හෝ සාකච්ඡා සඳහා ඉල්ලීම් කර නොමැති බව එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි අවධාරණය කරනවා.
ඉරානය ගිවිසුමකට එළඹීමට කැමැත්තෙන් සිටින නමුත් එහි කොන්දේසි ප්‍රමාණවත් නොවන බැවින් තමන් ඊට එකඟ නොවූ බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයකින් අනතුරුව විදේශ අමාත්‍යවරයා මෙම අදහස් පළ කර ඇත.
“අපට අමෙරිකානුවන් සමඟ කතා කිරීමට කිසිදු හේතුවක් පෙනෙන්නට නැහැ. මොකද ඔවුන් අපට පහර දීමට තීරණය කරන විටත් අප ඔවුන් සමඟ සාකච්ඡා කරමිනුයි සිටියේ.”
ජනාධිපති ට්‍රම්ප් සහ අමෙරිකා එක්සත් ජනපදය විසින් මෙය හිතාමතා තෝරාගත් යුද්ධයක් බවත්, ඒ නිසා
ඉදිරියටත් රටේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන බවත් ඔහු විදෙස් මාධ්‍ය වෙත වැඩි දුරටත් අදහස් දක්වමින් පවසා ඇත.
