අපි කිසිදු රාජ්‍යයකට පක්ෂපාතී හෝ යටත් රාජ්‍යයක් වන්නේ නැහැ.

අපි කිසිදු රාජ්‍යයකට පක්ෂපාතී හෝ යටත් රාජ්‍යයක් වන්නේ නැහැ.

මනුෂ්‍යත්වය ප්‍රමුඛ සේ සළකා ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව කටයුතු කරනවා.

කිසියම් යුධමය තත්වයකදී, වෙනත් රාජ්‍ය්‍යන් අතර ගැටුමකදී අපි අපේ මුහුදු සීමාවන් ගුවන් කලාපයන් කිසිවිටක ඒ කවර රාජ්‍යයකටවත් පක්ෂපාතීව, එරෙහිව හෝ පීඩාවක් ගෙන දෙන ආකාරයකින් හෝ භාවිතා කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා අපි අපේ ස්ථාවරයත්, ප්‍රකාශ නිකුත් කිරිමත් ඒ මධ්‍යස්ථභාවය සහිතවයි සිදුකළේ. ඒ මධ්‍යස්ථභාවය ආරක්ෂා කරන ගමන් මනුෂ්‍යත්වය එකට ගන්නවා. ඒ වෙනුවෙන් කිසියක් තීරණයක් ගත යුතුව තිබෙනවා නම් ඊට කිසිම පැකිලීමක් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඉරාන නෞකා තුනක් මාර්තු 9 හා 13 දින හතර තුළ අපේ වරායට ප්‍රවිෂ්ට වීමට ඉඩ ඉල්ලුවා. සහයෝගිතාවය වර්ධනය කරන සංචාරයකට තමයි ඉඩ ඉල්ලුවේ. අපි සොයා බලද්දී ඔවුන් අපේ ජල තීරණයට ඔබ්බෙන් ඊට ආසන්නයෙන් තමයි රැඳී සිටියේ. නමුත් good will සංචාරයක් පඑලෙස සිදුවන්නේ නැහැ. ඒකට අනුගමනය කළ යුතු විශාල ක්‍රියා පටිපාටියක් තිබෙනවා. අද අපි භාරයට අරන් තිබෙන නෟකාවේ එක් නාවිකයෙක් තුවාල ලබා තිබෙනවා. තව කෙනෙක් රැකවරණ්‍ය ඉල්ලුවා. ඔවුන් දෙදෙනාම ගොඩබිමට රැගෙන විත් ප්‍රතිකාර කිරීමට අවශ්‍ය කෙනාට ඒ අවශ්‍යතාවට ඉටු කළා. ඒ වගේම හතර වෙනිදා අපට දැන ගන්න ලැබුණා තවත් නැවක් අපේ මුහුදු සීමායට ඔබ්බෙන් අනතුරට ලක්වෙලා තිබෙන බව. අපි වහාම මැදිහත්ව ඒ නැවේ සිටි 32ක් බේරා ගත්තා. ඔවුන් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා. තවත් 84 දෙනෙකුගේ මළ සිරුරු හමුවී තිබෙනවා. අපි ඒවාත් ගොඩට ගෙනාවා. ඒ වගේම තවත් නැවක් 4 වැනිදා හෝ 5 වැනිදා අපේ වරායට සේන්දු වීමට අවසර ඉල්ලුවා. ඒ අයත් අපේ මුහුදු සීමාව ආසන්නයේ රැඳි සිටිනවා. මෙවැනි අවස්ථාවකදී ගැටුමකට සම්බන්ධ එක් පාර්ශ්වයකට අදාල නෞකාවක් නිසා ඒ ගැන තීරණ ගත යුත්තේ ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව සාකච්ඡා කිරිමෙන්. ඒ නිසා අදාල තානාපති කාර්යාල සමග සාකච්ඡා කළා. අදාලප නැව අපේ භාරයට ගෙන නැවේ සිටින පිරිස මුදා ගන්නත් නැව ස්ථාන ගත කරන්නේ කොතැනකද යන්න පිළිබඳවත් සම්මුතීන්ට එළැඹුනා. මේ නැව කොළඹ වරායේ නැවතීමෙන් අනතුරු රැසක් උද්ගත විය හැකියි. ඒ නිසා අපි ඒ නැව ත්‍රීකුණාමල වරායට රැගෙන යාමටත් එහි සිටින පිරිස කොළඹ වරායෙන් නාවික යාත්‍රා රැගෙන ගොස් ඔවුන් මුදා ගැනීමටත් එකගතාවයක් ඇති කරගත්තා. ඒ අනුව එහි සිටි නිලධාරින් 53ත් කැඩෙට් නිලධාරිාන් 84ක් ජ්‍යේෂ්ඨ නාවිකියින් හා නාවිකයින් ඇතුලු 208ක් ගොඩබිමට රැගෙන එන්න කටයුතු කරමින් සිටිනවා. අපි ඉාතමත් පැහැදිලි ස්ථාවයක් පෙන්නුම් කර තිබෙනවා. අපි කිසිදු රාජ්‍යයකට පක්ෂපාතීව හෝ කිසිදු රාජ්‍යයක යටත් වීමකට යන්නේ නැහැ. අපි ස්වාධීන ස්වෛරී රාජ්‍යයක්. අපේ මුහුදු සීමාව තුළ කටයුතු කිරිමේ වගකීමක් අයිතියක් අපිට තිබෙනවා. අපේ ජනතාව පිළිබඳව රාජ්‍යය පිළිබඳව වගකීමක් අපිට තිබෙනවා. එයත් අපිට ප්‍රමුඛයි. අපි තීන්දු තීරණ ගත යුත්තේ අපේ රාජ්‍යයත් ජනතාවත් අපේ මුහුදු තීරයත් අවදානමකට ලක් නොකරමින්. අපි ඒ අනුව කටයුතු කර තිබෙනවා. අපි සාමය වෙනුවෙන් ගන්නා සෑම පියවරකටම සහය ලබාදීමට සූදානම්. අපි පෙනී සිටින්නේ ඒ වෙනුවෙන්.

Share This