අපව මැරුවොත් හොල්මනක් වෙලා ඇවිත් පළිගන්නවා මන්ත්‍රි චාමර කියයි

-ප්‍රේමකුමාර සිංහආරච්චි-
පුළුවන් නම් අපි මරන්න. හොල්මනක් වෙලා හරි ඇවිත් පළිගන්නවා යැයි බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේ දී කියයි.
අපේ ආරක්ෂාව අයින් කරලා ඔයාලා හිතාගෙන ඉන්නේ අපිවත් මරන්නදැයි ඔහු ප්‍රශ්න කළේය.
අද පොලිසියේ ඇමැති වෙලා ඉන්නෙත් පොලිසියෙන් පන්නපු කෙනෙක්. අඹන්පොළ, ගල්ගමුව, තඹුත්තේගම මිනිස්සු ඕවා දන්නවා යැයි ද දසනායක මහතා කියා සිටියේය.
