අපරාධ මඩින්න චීන සහාය

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ චීන ජාතික ආගමන පරිපාලන නියෝජ්‍ය අමාත්‍ය Zhang Yong මහතා ඇතුළු චීන දූත පිරිසක් අතර හමුවක් ඊයේ (14) අමාත්‍යාංශයේදී පැවැත්විණි.

එහිදී දෙරට අතර ආගමන විගමන කටයුතු, ප්‍රාදේශීය පාලනය සහ මහජන ආරක්ෂාව යන ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳ සාකච්ඡා කෙරිණි.

ජාත්‍යන්තරව ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ, මිනිස් ජාවාරම් සහ සයිබර් අපරාධ වැනි දෙරටේම ආරක්ෂාවට අභියෝග කරනු ලබන ක්‍රියාකාරකම් මර්දනය කිරීමේදී ද්විපාර්ශ්වික අවබෝධයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි.

තවද, මෙම අවස්ථාවට එක්වූ චීන නියෝජිතයින් විසින් ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහයෝගීතාව ලබා දීමට තම රජය සූදානම් බවද ප්‍රකාශ කළහ.
මෙම අවස්ථාවට ශරී ලංකාවේ මහජන චීන ජනරජ තානාපති Qi Zhenhong මැතිතුමාත් ශරී ලංකාවේ මහජන චීන ජනරජ තානාපති කාර්යාලයේ නිළධාරීන් ද මහජන චීන ජන රජයේ ජාතික ආගමන පරිපාලන නිළධාරීන් ඇතුළු චීන දූත පිරිසක් මහජන චීන ජනරජය නියෝජනය කරමින් සහභාගී වූ අතර මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්ය අමාත්ය නීතිඥ සුනිල් වටගල මහතාත්, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්යංශ ලේඛම් රවී සෙනෙවිරත්න මහතාත්, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැඩබලන පාලක ජනරාල් චමින්ද පතිරාජ මහතාත්, පොලිස්පති නීතිඥ පරියන්ත වීරසූරිය මහතාත් ඇතුළු රජයේ ඉහළ නිළධාරීන් රැසක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්යංශය නියෝජනය කරමින් සහභාගී වූහ.

Share This