අපරාධකරුවන්ගේ කෝටි 3,900ක දේපොළ රාජ සන්තකයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක

-සමන් ගමගේ
සෙනාෂ් කොළවත්ත-
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ බවට තහවුරු කරගත් රුපියල් කෝටි 3902ක් වටිනා දේපොළ ප්‍රමාණයක් මේ වන විට රාජසන්තක කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ.කේ. වුට්ලර් මහතා පැවැසීය.
2021 සිට 2024 අතර කාලයේදී මෙම දේපොළ ප්‍රමාණය රාජසන්තක කර ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.
2025 වසරේ දී පමණක් සංවිධානාත්මක අපරාධකරුවන්ට අයත් රුපියල් කෝටි 73ක් වටිනා දේපොළ ප්‍රමාණයක් රාජසන්තක කර ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.