අපට අත්‍යවශ්‍ය ඉරානයේ නිපදවන ඖෂධ වර්ග 06ක් ගෙන්වා ගැනීමට සැලසුම් කරනවා
ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග හයක් ඉරානයේ නිපදවන බවත් මැදපෙරදිග යුදගැටුම් හමුවේ එම ඖෂධ ලබා ගැනීම සඳහා නිසි සැලැස්මක් සකස් කර ඇති බවද සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුනි මහතා පවසයි.
යුද්ධයට පෙර ගෙන්වන ලද ඖෂධ තොග ප්‍රමාණවත් මට්ටමක පවතින නමුත් මෙරටට අවශ්‍ය මීළග ඖෂධ තොගය මේ වන විටත් ඉරානයේ නිපදවා ඇතැයි ද එම තොග මෙරටට ගෙන්වා ගැනීම සඳහා සියලු සැලසුම් ක්‍රියාත්මක කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කරනවා.
