අනුරගේ නීර්භීත තීරණයට විජේදාස ගරු කරයි

තර්ජනයට ලක්ව තිබුණ IRIS Bushier නැමති ඉරාන නෞකාවට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමට ඉඩ දී ත්‍රිකුණාමල වරායට සේන්දු වීම සදහා කටයුතු සම්පාදනය කරමින් එහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 208 දෙනෙකුගේ ජීවිත ආරක්ෂා කර දීමට ජනාධිපති අනුර කුමාර මහතා ගත් නිර්භීත සහ බුද්ධිමත් තීරණයට ගෞරව කරන බව හිටපු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පැවසුවේ ඉරානය දීර්ඝ කාලයක් තිස්සේ අප රට සමග ඉතා මිත්‍රශීලී කටයුතු කළ අතර අප රටට අවශ්‍යම අවස්ථාවලදී බොහෝ උපකාර කළ රටකි. ඒ වෙනුවෙන් අපගේ කෘතවේදීභාවය දැක්වීම උතුම් මානව ගුණයක් බවයි

එමෙන්ම ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි මැතිදුගේ සහ මැතිණියගේ වියෝව ගැන අපගේ සාතිශ්‍ය කණගාටුව පල කළා

ලෝක සාමය වෙනුවෙන්ම මීට දශක 8 කට පෙර බිහිකර ගත් එක්සත් ජාතීන්ගේ සංගමය අද වන විට මරණාධාර සමිතියක තත්ත්වයට පත්ව තිබීම කණගාටුවට කරුණක් බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා

Share This