අනවසර විදුලි රැහැනට අලියෙක් බිලි

අනවසර විදුලි රැහැනට අලියෙක් බිලි

(මින්නේරිය – නිශ්ශංක වෙලගෙදර)
වැලිකන්ද මහවැලි තැන්න ගම්මානයේ නිවසක් වටා ඇද තිබු අනවසර විදුලි රැහැනක ගැටි වන අලියකු මියගොස් ඇති බව වැලිකන්ද වනජිවි කාර්යාලය පවසයි.
අනවසරයෙන් විදුලි රැහැනක් ඇද වන අලියකු මරා දැමීම සම්බන්ධ සැකපිට වැලිකන්ද මහවැලි තැන්න ගම්මානයේ පදිංචි පුද්ගලයකු වැලිකන්ද වනජිවි කාර්යාලයේ අඩවි ආරක්ෂක ඩබ්ලිව්.එම්.සි.වනසිංහ වන නියාමක යූ.බී.එස්. කුමාරසිංහ එම්.වී.පී. ලක්ෂ්මන් රියැදුරු ඩබ්ලිව් .ඩි.සි. ශ්‍රිමාල් යන මහතුන් ඇතුළු නිලධාරි කංඩායමක් විසින් කරන ලද විමර්ශනවලින් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයා ඊයේ 12 දින මනම්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව වැලිකන්ද වනජිවි අඩවි සහකාර ඩබ්ලිව්.එම්.සී. වනසිංහ මහතා පැවසීය.

Share This