අනතුරු අවම කිරීමට පොලිසියෙන් විශේෂ රථවාහන මෙහෙයුම්
සෑම පොලිස් වසමක්ම ආවරණය වන අයුරින්, ජනවාරි 02 සිට නැවත දැනුම්දෙන තුරු විශේෂ රථවාහන මෙහෙයුම් සිදුකරන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිබෙනවා.
ඒ අනුව විවිධ නාද රටා, නිවි නිවි දැල්වෙන විවිධ වර්ණ සහිත අමතර පහන්, නීති විරෝධී සවිකිරීම්, ඝෝෂාකාරී නළා සවි කිරීම්, අධික ශබ්ද සහිත සයිලන්සර්, අනතුරු හා අලාභ ඉහළ යන ආකාරයෙන් අන්තරාදායක ලෙස අමතර කොටස් සවිකර ඇති රථවාහන යනාදිය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි දැනුම් දී ඇත්තේ.
සෑම පොලිස් බල ප්‍රදේශයකම දිනකට පැය 03 බැගින් මෙහෙයුම් 02 ක් සිදුකළ යුතු බවත්, පොදු ප්‍රවාහන සේවා රථ පරීක්ෂා කිරීමේදී මගීන් අපහසුතාවට පත්නොවන ආකාරයෙන් කටයුතු කරන ලෙසත් වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.
නව රජයේ ප්‍රතිපත්තියක් අනුව ක්‍රියාත්මක වන ‘Clean Sri Lanka’ ව්‍යාපෘතියට සමගාමීව මෙය සිදුවෙනවා.