අධිවේගී මාර්ගවල වේග උල්ලංඝනයට දැඩි නීති ක්‍රියාමාර්ග

අධිවේගී මාර්ගවල අධික වේගයෙන් හා අනතුරුදායක ලෙස රිය පදවන රියදුරන් හඳුනා ගැනීම සඳහා පොලිසිය විශේෂ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

CCTV කැමරා පද්ධති උපයෝගී කර ගනිමින් එවැනි වාහන නිරීක්ෂණය කරමින්, මාර්ග පිවිසුම් ස්ථානවලද පොලිස් නිලධාරීන් යොදවා ඇත.

උත්සව සමය නිමිත්තෙන් ගම්බිම් බලා ගමන් කරන ජනතාව හේතුවෙන් ඇතිවන රථවාහන තදබදය පාලනය කිරීම සඳහා විශේෂ රථවාහන කළමනාකරණ වැඩසටහනක් ද මේ වනවිට ක්‍රියාත්මක වේ.

අනතුරුදායක ලෙස රිය පදවන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය අවධාරණය කරයි.

එමෙන්ම, රථවාහන නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ වීඩියෝ හෝ තොරතුරු ලබාදීමට මහජනතාව සඳහා විශේෂ WhatsApp අංකයක් හඳුන්වා දී ඇති අතර, 070 4755600 අංකය ඔස්සේ ඒවා ඉදිරිපත් කළ හැකි බව ද දැනුම් දෙයි.

Share This