අධිචෝදනාවලට එරෙහි පාඨලීගේ පෙත්සම ඉවතට

අධිචෝදනාවලට එරෙහි පාඨලීගේ පෙත්සම ඉවතට

වර්ෂ 2016 දී රාජගිරිය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරු සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවකට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබූ අධි චෝදනා ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා ඔහු ඉදිරිපත් කර තිබූ පෙත්සමක් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෙම පෙත්සම 22දා ශෂී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලදී.

එහිදී විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයාට පෙන්වා දුන්නේ, මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ තීන්දුවකට අනුව මෙම පෙත්සම පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවයි.

ඒ අනුව අදාළ පෙත්සම ප්‍රතික්ෂේප කරන බවත් විනිසුරු මඩුල්ල සඳහන් කළේය.

Share This