අද පාර්ලිමේන්තුව රැස් නොවේ

පවතින තත්ත්වය හේතුවෙන්  සෑම බදාදා දිනක්ම රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීම සැලකිල්ලට ගෙන අද (18) පාර්ලිමේන්තුව රැස් නොවීමට  ඊයේ ( 17) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවා.

කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මේ බව තීරණය වී තිබෙනවා.

Share This