අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් සිව් දෙනා රක්ෂිත බන්ධනාගාරයට
අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පැවැති විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් සිව් දෙනා ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.
ඒ, කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් කමල් ප්‍රසන්න විජේසිරි මහතා විසින්.
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුව අද (02) ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාව සංවිධාන කර තිබුණා.
එය පාලනය කිරීමට උත්සහ කිරීමේදී විරෝධිතකාරුවන් කලහකාරී ලෙස හැසිරුණු බවට චෝදනා කරමින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළේ.
ඉන් අනතුරුව ඔවුන්ට විරුද්ධව අයුතු ජන රාශියක සාමාජිකයන්වීම සහ පොලිස් නිලධාරීන්ට තුවාල සිදුකිරීම යන චෝදනා ගොනු කරමින් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
එහිදී පොලිසිය කරුණු දක්වා සිටියේ, මෙම සැකකරුවන් කලහකාරී ලෙස හැසිරෙමින් උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකුට තුවාල සිදුකර ඇති බවයි.
ඔවුන් කොළඹ ජාතික රෝහලේ සහ නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්.
එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරුවන් ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් එදින ඔවුන් හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.