අඩු මිලට නව මත්පැන් වර්ගයක් හඳුන්වාදීමට සැලසුම්

අඩු මිලට නව මත්පැන් වර්ගයක් හඳුන්වාදීමට සැලසුම්

නීති විරෝධී මත්පැන් භාවිතය අවම කිරීමේ අරමුණින් අඩු මිලට නව මත්පැන් වර්ගයක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව සුරා බදු දෙපාර්තමේන්තුව පැවසීය.

සැර අඩු මත්පැන් වලින් වාර්ෂිකව රුපියල් කෝටි 500, 1000ට අමතර ආදායමක් ලබාගත හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසීය.

2022 වර්ෂයේ සිට මේ දක්වා කාලය තුළ සැර මත්පැන් භාවිතය වාර්ෂිකව අඩු වෙමින් පවතින බවයි.

25සැර මට්ටමකින් මෙය නිෂ්පාදනය වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතය.

මේ වන විට වැඩිම පරිභෝජනයක් පවතින මිලි ලීටර් 180 කාල බෝතලයක් වශයෙන් 25% සැර මට්ටමකින් මෙම මත්පැන් වෙළඳපොළට නිකුත් කිරීමට අදහස් කර බවයි.
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ කාර්මික තාක්ෂණික ආයතනයද පරීක්ෂණවලින් පසු වෙළඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වෙයි.

පැලවත හා සෙවණගල සීනි කර්මාන්ත ශාලාව එතනෝල් ගොඩගැසිමෙ ප්‍රශ්නයටද මෙමගින් විසඳුමක් ලැබෙන බවත් එම දෙපාර්තමේන්තුව පැවසීය.

චන්දන ලක්මාල්

Share This