අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට කාන්තා නායකත්ව සම්මානයක්

කාන්තා නායකත්වය සහ සවිබල ගැන්වීමට සිදුකරන ලද සුවිශේෂී කැපවීම අගයමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට පිලිපීනයේ මැනිලා නුවරදී “ෂීරන් ලටීෆ් කාන්තා නායකත්ව සම්මානය” (Shireen Lateef Women’s Leadership Award) පිරිනැමීය.
පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු (ADB) මූලස්ථානයේ ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උළෙලේ ප්‍රධාන දේශනයද අග්‍රාමාත්‍යවරිය විසින් පවත්වන ලද අතර එහිදී අදහස් දක්වමින් ඇය පැවසූයේ කාන්තාවන් විසින් පවුල වෙනුවෙන් සිදු කරනු ලබන, එහෙත් බොහෝ විට ඇගයීමට ලක් නොවන ‘වැටුප් නොලබන’ ගෘහස්ථ කාර්යයන් පවුලට මෙන්ම ජාතික ආර්ථිකයට ද විශාල දායකත්වයක් සපයන බවයි.
කාන්තාවන්ගේ මෙහෙවර නිසි ලෙස හඳුනාගැනීමේ වැදගත්කම පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය ඔවුන් පූර්ණ වශයෙන් ආර්ථික කටයුතු සඳහා දායක කරගත හැකි කාන්තා හිතකාමී ප්‍රතිපත්ති සහ සමාජ ආරක්ෂණ වැඩසටහන්වල අවශ්‍යතාව පැහැදිලි කළාය.
