අගමැති වැය ශීර්ෂය සියයට 44කින් අඩු වෙලා

අගමැති වැය ශීර්ෂය සියයට 44කින් අඩු වෙලා

(මුදිතා දයානන්ද / නිශාන්ත කුමාර බණ්ඩාර)

අගමැති වැය ශීර්ෂය හිටපු අගමැතිවරයාගේ වැය ශීර්ෂය හා සංසන්ඳනය කරන විට රුපියල් මිලියන 630 සිට 350 දක්වා අඩු සියයට 44න් අඩු කර ඇතැයි අධිකරන අමාත්‍ය හර්ෂන නානායක්කාර පවසයි.

අගමැතිගේ භාවිතයට වෙන් කළ වෙඩි නොවදින රථය ආපසු භාර දීමෙන් එහි රක්ෂණයට වෙන් කළ රුපියල් මිලියන 37.61ක්ද නඩත්තුව සඳහා වෙන් කළ රුපියල් 16.15ත් ලෙස මිලියන 53.76 ඉතිරි කිරීමට හැකිවු බවද හර්ෂන නානායක්කාර මහතා පවසයි.

අගමැතිනියගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය 47 සිට 10 දක්වා අඩුකිරිමෙන් වැටුප් හා දීමනා වියදම මිලියන 22ක් ඉතිරි කිරිමට හැකිවු බවද අමාත්‍යවරයා පවසයි.

ඒසේම අගමැතිනියගේ හා කාර්ය මණ්ඩලයේ මාසික ඉන්ධන වියදම මිලියන 3.24 සිට මිලියන 0.33 දක්වා එනම් ලක්ෂ 3. 3 දක්වා ඩු කිරිමට හැකිවු බවද අමාත්‍ය හර්ෂන නානායක්කාර පවසයි.

එසේම අගමැති කාර්යාලෙය් පවත්වාගෙන ගෙන වෛද්‍ය ඒකකය විසුරුවා හැරිමෙන් මිලියන 4ක් මාසිකව ඉතිරි කිරිමට හැකිවු බවද අමාත්‍යවරයා පවසයි.

ඒ අනුව ජනතාවගේ දු මුදල් කලින්ට සාපේක්ෂය අඩකට ආසන්න ප්‍රමාණයකින් අඩුකර ගැනීමට හැකිවු බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 2025 අය වැය විවාදයේ ජනාධිපති හා අගමැති වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක් වෙමිනි.

Share This