අංක තහඩු නැති වාහනවල අයට ලියාපදිංචි සහතිකයට ඉන්ධන -මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව
මෙතෙක් අංක තහඩු නිකුත්කර නොමැති ලියාපදිංචි වාහන සඳහා QR කේතය යටතේ ඔත්තේ ඉරට්ටේ දිනවල ඉන්ධන ලබාගැනීමේදී වාහනයේ අනන්‍යතාව නිවැරදිව තහවුරු කරගැනීම සම්බන්ධයෙන් ගැටලු පැනනැඟීමක් සිදු වුණොත් වාහනයේ ලියාපදිංචිය සම්බන්ධයෙන් වූ සහතිකයක් ඉදිරිපත් කළ හැකි බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.අවශ්‍ය අවස්ථාවේදී වාහන ආදායම් බලපත්‍රය හෝ වාහනයේ ලියාපදිංචි සහතිකය හෝ වාහන රක්ෂණ සහතිකය හෝ වාහන දුම් පරීක්ෂණ සහතිකය යන ලේඛනවලින් එකක් ඉදිරිපත් කරන මෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා ඉල්ලා සිටියි. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් පසුගිය කාලයේ වාහන අංක තහඩු නිකුත් නොකෙරුණු අතර හේතුවෙන් ඇතැම් වාහන හිමියන් විවිධාකාර අංක තහඩු භාවිත කිරීමට පෙලඹීම නිසා නිවේදනයක් නිකුත් කරමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා මේ බව කියා සිටියි.
