අංක තහඩුවේ අවසාන අංකය අනුව ඉන්ධන නිකුත් කිරීම අද සිට

අද (19) සිට ක්‍රියාත්මක වන පරිදි වාහන අංක තහඩුවේ අවසන්  අංකය මත ඉන්ධන කෝටාව ලබාගැනීමට ජනතාවට හැකි වෙනවා.

ඒ අනුව වාහන අංක තහඩුවේ අවසන් අංකය බින්දුව හෝ ඉරට්ටේ සංඛ්‍යාවක් නම් ඉරට්ටේ දිනවලත්, අවසන් අංක ඔත්තේ අංක නම් ඔත්තේ දිනවලත් ඉන්ධන ලබාගත හැකි බවයි ඛණිජතෙල් නීතිගත සංස්ථාව පවසන්නේ.

එහිදී දැනටමත් QR කේතයක් හිමි, තම වාහනයේ අයිතිය සහ ලියාපදිංචි කළ දුරකථන අංකයෙහි කිසිදු වෙනසක් සිදු නොවූ වාහන හිමියන්ට, තමන් සතු එම පැරණි QR කේතයම ඉදිරිපත් කර බාධාවකින් තොරව ඉන්ධන ලබාගත හැකියි. ඉන්ධන පිරවුම්හල්වල තදබදය අවම කර ගැනීමටත්, කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීමටත් ඉහත උපදෙස් නිසි පරිදි පිළිපදින ලෙස රථවාහන හිමියන්ගෙන් ඛණිජතෙල් නීතිගත සංස්ථාව කාරුණිකව ඉල්ලා සිටිනවා

මෙම සම්බන්ධයෙන් පැන නගින ඕනෑම ගැටලුවක් හෝ වැඩි දුර තොරතුරු දැන ගැනීම සඳහා 1919 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ රජයේ තොරතුරු කේන්ද්‍රය ඇමතිය හැකි බවද වැඩිදුරටත් සදහන් කරනවා.

Share This