හෙට රාත්රී 9.30 දක්වා පාර්ලිමේන්තුවේ විවාදයක්
පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවූ ආපදා තත්තවය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය හෙට (04) පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
අද (03) පැවැති පක්ෂ නායක රැස්වීමේදී ඊට අදාළ තීරණය ගෙන ඇති බවයි, සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව අදාළ විවාදය හෙට පස්වරු 5.30 සිට පස්වරු 9.30 දක්වා පැවැත්වෙනු ඇති.