සහල් හිඟයක් ඇති වීමට ඉඩ දෙන්නේ නෑ

සහල් හිඟයක් ඇති වීමට ඉඩ දෙන්නේ නෑ

උත්සව සමයේ සහල් හිඟයක් ඇති වීමට ඉඩ නොදෙන බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.‍

ආනයනික සහල් තොග ලබන 20 වැනිදාට පෙර ලැබීමට නියමිත බවයි ඔහු සඳහන් කර සිටියේ.

එසේම, මහ කන්නයේ වී අස්වනු නෙලීමේ කටයුතු ද ලබන මාසයේ අග සිදු කෙරෙනු ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

Share This