‘ශ්‍රී FM පුංචි සිත්තරු – 2024’ – හෙට ලොව එළිය කරන දරු පරපුරට ශ්‍රී FM වෙතින් පිදෙන තිළිණය
ලෝක ළමා දිනය යෙදී ඇති අද (ඔක්තෝබර් 01) දිනයට සමගාමීව ශ්‍රී FM මගින් අපූරු වැඩ කටයුත්තක් සංවිධානය කර තිබෙනවා.
ඒ, දැයේ දූ දරුවන්ගේ චිත්‍ර ඇඳීමට ඇති හැකියාවන් හඳුනාගනිමින් ලංකාවේ සතර දෙසින් ගලා එන සිතුවම් ඇසුරෙන් ‘ළමා චිත්‍ර තරගයක්’ පැවැත්වීමටයි.
‘ශ්‍රී FM පුංචි සිත්තරු – 2024’ මැයෙන් නම් කර ඇති මෙම චිත්‍ර තරගය පෙර පාසල් දරුවන්ගේ (අවු. 4- 6) සිට ජේෂ්ඨ අංශය (අවු. 13 – 16) දක්වා ඛාණ්ඩ 4ක් යටතේ පැවැත්වීමටයි කටයුතු සංවිධානය කර ඇත්තේ.
ඒ අනුව තරගයට අදාළ මාතෘකා මීට ඉහත දරුවන් වෙත ලබාදී තිබුණා.
ළමා මනසට යෝග්‍ය එම මාතෘකාවන්ට අදාළව සිත්තම් කළ අපූරු සිතුවම් එකතුවක්, මේ වන විට ශ්‍රී FM වෙත ලැබී ඇති අතර, ඒ ඇසුරෙන් ආකර්ෂණීය චිත්‍ර ප්‍රදර්ශනයක් ද පැවැත්වෙනු ඇති.
තරගය අවසන, ජයග්‍රාහී දූ දරුවන් තෝරා වටිනා සහතික පත්‍රයක් ද පිරිනැමීමට නියමිතයි.
දරුවන්ගේ හෙට දවස එළිය කරනුවස් ශ්‍රී FM සිදුකරනු ලබන දහසකුත් වැඩකටයුතු අතර, සුවිශේෂීම ‘පාට තිළිණයකි’, ‘ශ්‍රී FM පුංචි සිත්තරු – 2024’
පහතින් අමුණා ඇත්තේ, ශ්‍රී FM වෙත එවා ඇති ආකර්ෂණීය සිතුවම්වලින් කිහිපයකි…..