විශේෂ මත්ද්‍රව්‍ය මර්දන පොලිස් කණ්ඩායම වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැරේ
පොලිස් කේෂ්ත්‍ර බළකා මූලස්ථානයේ රාජකාරි කරමින් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මහතා යටතේ ආරම්භ කළ විශේෂ මත්ද්‍රව්‍ය මර්දන පොලිස් කණ්ඩායම වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැර තිබෙනවා.
මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහාතා විසින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ ලබා සිටින පුද්ගලයකුට ප්‍රධාන පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව විසින් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ තර්ජනය කිරීමේ සිද්ධියක් ඊට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.
තර්ජනයට ලක්වූ පුද්ගලයා විසින් ආරක්ෂක ලේකම්වරයාට සහ මහජන ආරෂක අමාත්‍යංශයේ ලේකම්වරයාට සිදු කළ ලිඛිත පැමිණිල්ලක් සම්බන්ධයෙන් කරුණූ විමර්ශනයකින් අනතුරුව මෙම කණ්ඩායම විසුරුවා හරිනු ලැබූ බව පොලිස් මූලස්ථානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.
තනතුර අත්හිටුවන ලැබූ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ කාලයේදී ඇරඹූ යුක්තිය මෙහෙයුමත් සමඟ එවකට පොලිස් කේෂ්ත්‍ර බළකා මූලස්ථානයේ සිටි නියොමාල් රංජීව කැඳවා ඔහු යටතේ මෙම කණ්ඩායම ස්ථාපිත කරනු ලැබුවා.
මෙම කණ්ඩායම විසුරුවා හැරීමෙන් පසු ප්‍රධාන පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව නැවත පොලිස් කේෂ්ත්‍ර බළකා මූලස්ථානයටත්, අනෙක් නිලධාරීන් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයටත් මාරුකර යවා තිබෙනවා.
නියොමාල් රංගජීවගේ ප්‍රධානත්වයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කිහිප දෙනකුගෙන් සමන්විත වූ මෙම විශේෂ කණ්ඩායම පසුගිය කාලයේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ බිම් මහළේ ස්ථානයක සිට ක්‍රියාත්මක කෙරුණා.
අත්අඩංගුවට ගන්නා සැකකරුවන් සම්බන්ධයෙන් ඔවුන් ක්‍රියාත්මක වූ අකාරය සහ ඇතැම් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අතපය කඩා දැමීමේ සිද්ධීන් මුල්කරගෙන මානව හිමිකම් නඩු පැවරී තිබීම හේතුවෙන් පසුගිය කාලයේ ඔවුන්ට ‘පොලිස් කිලිං ටීම්’ ලෙසින් නමක් ද පටබැඳී තිබුණු බව සඳහන්.
යුක්තිය මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව කටයුතු කිරීමේදී මෙම නියොමාල් රංගජීවගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ මෙම නිළධාරීන් කණ්ඩායම ඇතැම් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට නිදහසේ කටයුතු කිරීමට ඉඩදී තවත් පිරිසක් පසුපස හඹා ගිය බවටද වාර්තා වනවා.