ලෙබනනයේ සටන් විරාම ගිවිසුම ගැන සාකච්ඡා කිරීමට ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය රැස්වෙයි: ගැටුම් තාවකාලිකව අවසන් කිරීම සඳහා
ඊශ්‍රායලය සහ හිස්බුල්ලා අතර ගැටුම් තාවකාලිකව අවසන් කිරීම සඳහා ලෙබනනය සමඟ එක්සත් ජනපදයේ පිටුබලය ලබන සටන් විරාම ගිවිසුමක් සම්බන්ධව සාකච්ඡා කිරීමට ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය අද (26) රැස්වන බව වාර්තා වනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පසුගිය සතිය පුරා පැවති දැඩි සාකච්ඡා මගින් දෙරට මෙයාකාර ගිවිසුමකට සමීප කර ඇති බවයි.
එමෙන්ම මෙම කැබිනට් රැස්වීමට පෙර ඊශ්‍රායලය සහ ලෙබනනය ගිවිසුමේ කොන්දේසි පිළිබඳව තාවකාලික අවබෝධයකට පැමිණ ඇති බව වැඩිදුරටත් සඳහන්.
යෝජිත සටන් විරාමය මූලික දින 60 ක කාලයක් සඳහා වන අතර ලෙබනනයෙන් ඊශ්‍රායල හමුදා ඉවත් කර ගැනීම ද ඊට ඇතුළත් වන බවයි වාර්තා වන්නේ.
මෙම හමුවේදී අමාත්‍යවරුන් ගනුදෙනුව පිළිබඳව ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවත් සඳහන්.