රිදියගම සෆාරියට ආ අලුත්ම සාමාජිකයින් 06 දෙනා

රිදියගම සෆාරියට ආ අලුත්ම සාමාජිකයින් 06 දෙනා

රිදීයගම සෆාරි උද්‍යානයේ සිටින සිංහ ධේනුවන් දෙදෙනෙකු සඳහා සිංහ පැටවුන් 06 දෙනෙකු උපත ලබා තිබෙනවා.

එම පැටවුන් මේ මස අවසන් වන විට ජනතා ප්‍රදර්ශනයට එක් කිරීමට බලාපොරොත්තු වන බවයි රිදියගම සෆාරි උද්‍යානයේ සහකාර අධ්‍යක්ෂ කසුන් හේමන්ත මහතා පැවසුවේ.

එම සිංහ පැටවුන් ඉතා සුවිශේෂිත්වයක්ද දරුණු ලබන බව සඳහන්.

ඒ මෙවර සිංහ පැටවුන් තිදෙනා බැගින් උපත ලබා ඇත්තේ වයස අවුරුදු 10ක් පමණ වන ලාරා නමැති සිංහ ධේනුවට හා ඇයගේ දියණියක වන ඩෝරා නැමති අවුරුදු 04ක් වයසැති සිංහ ධේනුවටයි.

මෙම ඩෝරා නැමති සිංහ ධේනුව පිළිබඳව පසුගිය කාලයේ ජනතාවගේ කතාබහට ලක් වු සිංහ ධේනුවක්.

ලාරා නැමති සිංහ ධේනුව විසින් ඩෝරා බිහිකළ පසු ඩෝරාට කිරි නොදී මව විසින් ප්‍රතික්ෂේප කිරිම හේතුවෙන් රිදියගම සෆාරි උද්‍යානයේ පශු වෛද්‍යවරුන්ගේ හා සත්ත්ව භාරකරුවන්ගේ උවටැන් යටතේ හැදී වැඩුණු සිංහ ධේනුවක්.

ඒ අනුව එම සිංහ ධේනුව මෙවර පැටවුන් තිදෙනෙකු බිහි කර ඇති අතර ඩෝරා මවගේ ප්‍රතික්ෂේප වු නමුත් මෙවර පැටවුන් බිහිකළ ඩෝරා සිය පැටවුන් නිසි පරිදි බලාගැනීම සිදුකරනු ලබන බවයි රිදියගම සෆාරි උද්‍යානයේ සහකාර අධ්‍යක්ෂ කසුන් හේමන්ත මහතා සඳහන් කළේ.

මේ වන විට රිදියගම සෆාරි උද්‍යානයේ සිංහයන් 18 දෙනෙකු සිටිනවා.

අලුත උපන් පැටවුන් 06 දෙනාම ඉතාමත් නීරෝගීමත්ව සිටින බවද කසුන් හේමන්ත මහතා වැඩිදුරටත් කියා සිටියා.

සූරියවැව – පංචාලී ජයසේකර
Share This