මහවිරු සැමරුම් කරන්න කිසිදු ඉඩක් නැහැ: මහජන ආරක්ෂක ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

මහවිරු සැමරුම් කරන්න කිසිදු ඉඩක් නැහැ: මහජන ආරක්ෂක ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

උතුරේ මහවිරු සැමරුම් කරන්න කිසිදු ඉඩකඩක් නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, උතුරු – නැගෙනහිර ප්‍රදේශවල සිදු කෙරෙන මහවිරු සැමරුම් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

“නීත්‍යානුකූලව තමන්ගේ ඥාතීන් සමරන්න ඉඩකඩ තියෙනවා. එහෙත් උතුරේ මහවිරු සැමරුම් කරන්න කිසිම ඉඩකඩක් නැහැ. LTTE ලාංඡන යටතේ හෝ නිලඇඳුම් හෝ පින්තූර භාවිත කරමින්. රටේ නීතියක් තියෙනවා. නීතියට අනුව LTTE සංවිධානය තහනම් සංවිධානයක්.

හැබැයි උතුර වේවා, දකුණ වේවා, නැගෙනහිර වේවා, කඳුරට වේවා, තමන්ගේ දරුවෙක් මිය ගියා නම් ඒ දරුවා සිහිපත් කිරීමේ අයිතිය තියෙනවා. ඒ හරහා සමාජයට ‌අවශ්‍ය වෙන්නේ නැහැ සංවිධාන හැටියට තහනම් කරපු සංවිධාන ස්මරනය කරමින් සංවිධානවල ආධිපත්‍ය නැවත ස්ථාපිත කරන්න.

අපි කාටත් බාධා කරලා නැහැ මිය ගිය ඥාතීන් සිහිපත් කරන්න. ඒ නිසා මං හිතන්නේ බොහෝවිට උතුරේ ජනතාව සමහර අවස්ථාවලදී ඥාතීන් සිහිපත් කිරීම වෙනත් අර්ථ කථනයන් දෙමින් සමාජයේ උඩට ගෙනත් තිබෙනවා.

නමුත් අපි රටට අවධාරණය කරන්න කැමැති LTTE සංවිධානය තහනම් සංවිධානයක් ඔවුන්ට ඉඩකඩක් නැහැ ඔවුන්ගේ ලාංඡන යොදාගනිමින් ඔවුන්ගේ ඡායාරූප යොදාගනිමින්, ඔවුන්ගේ බැනර යොදා ගනිමින් රණවිරු සැමැරුම් කරන්න.

එහෙත් අපි කිසි බාධාවක් කරන්නේ නැහැ. මේ රටේ කිසිම පුද්ගලයෙක්ගේ මිය ගිය ඥාතීයෙක් සිහිපත් කරන්න අපි කිසි විටකත් බාධා කරන්නේ නැහැ.”

Share This