භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් නිවසක් මතට කඩා වැටෙයි: පුද්ගලයෙකු මරණයට පත්ව තවත් තිදෙනෙකුට තුවාලයි

භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් නිවසක් මතට කඩා වැටෙයි: පුද්ගලයෙකු මරණයට පත්ව තවත් තිදෙනෙකුට තුවාලයි

Update (25.11.2024 12.50) ලිතුවේනියාවේ විල්නියස් ගුවන් තොටුපළ අසල DHL භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් නිවසක් මතට කඩා වැටී මෙන් සිදුවූ අනතුරින් එක් පුද්ගලයෙකු මරණයට පත්ව තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බව රොයිටර්ස් පුවත් සේවය පවසනවා.

———————

භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් නිවසක් මතට කඩා වැටෙයි – නිවසේ සිටි සියලු දෙනා දිවි ගලවා ගෙන

(25.11.2024 11.33) අද GMT 0330 ට පමණ ලිතුවේනියාවේ විල්නියස් ගුවන් තොටුපළ අසල DHL භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් නිවසක් මතට කඩා වැටී ඇති බව ගුවන්තොටුපල සහ පොලිස් ප්‍රකාශකයෝ උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය පවසනවා.

ගුවන් තොටුපල ධාවන පථයට උතුරින් කිලෝමීටර් 1.3ක් දුරින් පිහිටි නිවසක් මතට මෙය කඩා වැටී ඇති අතර එහි නිවැසියන් සියළු දෙනා ආරක්ෂිත බවත් වාර්තා වනවා.

ගිනි නිවන භටයින් එහි ඇතිව තිබෙන විශාල දුමාරයකට ජලය වත් කරනු දක්නට ලැබෙන බවත්, ඒ අසල විශාල පොලිසියක් සහ ගිලන්රථයක් ඇති අතර අවට මාර්ග ගමනාගමනය නතර කර ඇති බව සඳහන්

DHL වෙනුවෙන් SWIFT ගුවන් සේවය විසින් මෙහෙයවන ලද මෙම ගුවන් යානය Leipzig හි සිට ගමන් ආරම්භ කර තිබෙනවා.

Share This