බුස්ස අධිආරක්ෂිතයේ හදිසි පරික්ෂාවකදී ‘ඔලුමරා’ භාවිත කළ ජංගම දුරකථනයක් සොයාගනී: උපාංග කිහිපයකුත් විශේෂ කාර්ය බලකා නිලධාරීන් භාරයට
![බුස්ස අධිආරක්ෂිතයේ හදිසි පරික්ෂාවකදී ‘ඔලුමරා’ භාවිත කළ ජංගම දුරකථනයක් සොයාගනී: උපාංග කිහිපයකුත් විශේෂ කාර්ය බලකා නිලධාරීන් භාරයට බුස්ස අධිආරක්ෂිතයේ හදිසි පරික්ෂාවකදී ‘ඔලුමරා’ භාවිත කළ ජංගම දුරකථනයක් සොයාගනී: උපාංග කිහිපයකුත් විශේෂ කාර්ය බලකා නිලධාරීන් භාරයට](https://monara.com/wp-content/uploads/2024/11/4.png)
පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (04) බුස්ස බන්ධනාගාරයේ හදිසි පරීක්ෂාවක් සිදුකර තිබෙනවා.
එම නිළධාරීන් විසින් ‘රණවිර ආරච්චිගේ ශානුක මදුෂාන්’ නොහොත් ‘ඔලුමරා’ යන රැදවියා රඳවා සිටින බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ D කොටසේ අංක 104 සිර මැදිරිය තුළ මෙම හදිසි පරික්ෂාව සිදුකර තිබුණා.
එහිදී අදාළ රැදවියා රඳවා සිටින සිර මැදිරියේ වැසිකිළි වල තුළ තිබී කීපැඩ් සහිත කළු පැහැති ජංගම දුරකථනයක්, සිම් පත් 02ක් සහ සිර මැදිරිය තුළට ඇතුළු වන දොර ඉහළ ඇති කවුළුව තුළ පිටත ආවරණය ඉවත් කරන ලද ජංගම දුරකථන චාජරයක් සොයාගෙන ඇති බව සඳහන්.
අදාළ භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බුස්ස කඳවුරේ නඩු භාණ්ඩ කුවින්තාන්සි ලේඛණයට ඇතුළත් කර උපසේවය භාරයට ගෙන තිබෙනවා.
දැනට බුස්ස බන්ධනාගාරයේ බන්ධනාගාරගතව සිටින අපරාධ කල්ලි සමාජිකයකු වන ‘රණවිර ආරච්චිගේ ශානුක මදුෂාන්’ නොහොත් ‘ඔලුමරා’ යන මෙම සැකකරු ජංගම දුරකථනයක් භාවිත කරමින්, පුද්ගලයින් බිය වද්දමින් වෙනත් පුද්ගලයින් ලවා කප්පම් හා බිය වැද්දවිම් සිදු කරන පුද්ගලයෙක් බවටයි අනාවරණ වී ඇත්තේ.
මාරවිල මහේස්ත්රාත් අධිකරණයේ විනිසුරු තුමා ලබාදුන් නියෝගයකට අනුව මෙම පරික්ෂාව සිදුකර තිබෙනවා.