පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ජීප් රියේ ගැටුණු කාන්තාවක් මරුට
සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජෙන්ද්‍ර් කුමාර් පොන්නම්බලම් මහතා ගමන් කළ ජීප් රථයේ ගැටී තුවාල ලැබූ කාන්තාවක් මියගොස් තිබෙනවා
පුත්තලම – බෝලවත්ත හන්දිය ප්‍රදේශයේ පදික මාරුවේ ගමන් කරමින් සිටි යාචක කාන්තාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ගමන් කළ ජීප් රථයේ ගැටී තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මෙලෙස මියගොස් ඇති බව සඳහන්.
එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 65ත් 70ත් අතර පසුවන යාචක කාන්තාවක් බවයි වෙන්නප්පුව පොලීසය සඳහන් කළේ.
මන්ත්‍රීවරයා ඊයේ (08) කොළඹ ප්‍රදේශයට පැමිණ යළි යාපනය බලා ජීප් රථයේ ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙනවා.
එම අනතුර සම්බන්ධයෙන් ගජේන්ද්ර පොන්නම්බලම් මහතාගේ රියදුරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇති බවයි පොලීසිය පැවසුවේ.
60 හැවිරිදි අදාළ රියදුරු හුන්නස්ගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.