ප්‍රංශයේ ජාතික කෞතුකාගාරයක, ඡායාරූප ඉඩක් ශ්‍රී ලාංකිකයෙකුට !! – ලාංකීය අභිමානය ජාත්‍යන්තරයට රැගෙන යන කෞෂාල් රණසිංහ

ශ්‍රි ලාංකිකයෙක් වන කෞෂාල් රණසිංහ, ප්‍රංශයේ ජාතික කෞතුකාගාරයක් විසින් ප්‍රතිනිර්මාණය කරන ඉන්දීය ”සාකුන්තලා” නාට්‍යයේ ප්‍රධාන චරිතයට ජීවය එක්කාසු කරන්න සූදානමින් පසුවුණු විත්තිය, මීට ඉහත අපි ඔබට කිව්වා මතක ඇති.
ඒ අනුව, ගෙවුණු 30 (නොවැම්බර් 30) වැනිදා එය අති සාර්ථක අන්දමින් වේදිකාගත වුණා.
ඒ, ප්‍රංශ ජාතික කෞතුකාගාරයක් වන Musée Camille Claudel සමඟ එක්ව Nogent-sur-Seine හිදී.
ඉන්දියානුවන් සහ ප්‍රංශ ජාතිකයන් අභිබවා ශ්‍රී ලාංකික නර්තන ශිල්පියෙක්ට ලැබුණු මේ සුවිශේෂී අවස්ථාව සැබවින්ම අගය කළ යුත්තක්.
ඊට සුබපැතුම් එකතු කරන ගමන් ම, අපේ මේ සූදානම තවත් විශේෂ තොරතුරක් ඔබ වෙත අරන් එන්න.
නොජො සුර් සෙන් camille claudel ජාතික කෞතුකාරයේ කොටසක්, ”සාකුන්තලා” නාට්‍යය වෙනුවෙන් ම වෙන්කර තිබෙනවා.
මෙහි විශේෂත්වය නම්, මේ දක්වා නිර්මාණය වූ සාකුන්තලා නාට්‍යයන්හි ප්‍රධාන චරිත ඇතුළත් ඡායාරූප එහි ප්‍රදර්ශනය කර තිබීම.
ඒ අනුව, එම ඡායාරූප අතරට 2024 වසරේ දී වසර හතලිහකට පසු නිර්මාණය වූ සාකුන්තලා හි ප්‍රධාන චරිතය වන දුෂ්‍යන්ත රජුගෙ චරිතය නිරූපණය කළ ලාංකීය නර්තන ශිල්පි කෞෂාල් රණසිංහගේ ඡායාරූප සහ තොරතුරු ද එකතු වනු ඇති.
තමන්ට ලැබුණු මෙම අගනා අවස්ථාව සම්බන්ධයෙන් කෞෂාල් මෙයාකාරයෙන් අදහස් දක්වා තිබුණා…
”මම ආදරයෙන් කරපු චරිතයක්…
වසරකට ආසන්න පුහුණුවීම්, ශරීරය චරිතයට අනුව සැකසීම සහ චරිතයට එළඹීම ගැන මා ප්‍රංශයට පැමිණීමෙන් පසු ලබාගත් හොඳම අත්දැකීම මෙය.
ඊටත් වඩා ඉන්දියානු නර්තන අධ්‍යක්ෂවරයෙක්, ප්‍රංශයේ ජාතික කෞතුකාගාරයක් සමග මීට පෙර නිර්මාණය වූ ප්‍රංශ ජාතිකයන් ආදරයෙන් වැළඳගත් බැලේ නාට්‍යක්,
කතක් සහ semi classical මාධ්‍යයෙන් ගෙන ඒම මට විශාල අත්දැකිමක් සහ ලොකු අභියොගයක් වුණා…”
සටහන | නඳුනි ආරියවංශ