නව රජයෙන්, විභාග සැලැස්මට මොකද වෙන්නේ?

නව රජයෙන්, විභාග සැලැස්මට මොකද වෙන්නේ?

අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ ලබන වසරේ සිට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වන විභාග සැලැස්ම පෙර පැවති පරිදි සාමාන්‍ය තත්ත්වයට පත් කර ගැනීමට හැකි බවයි.

ඇය මේ බව සදහන් කළේ අද (08) පාර්ලිමේන්තුවේදී.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අග්‍රාමාත්‍යවරියගෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින්.

කෙසේ වෙතත්, ඒ අනුව 2026 වර්ෂයේ සිට පෙර පැවැති පරිදි සාමාන්‍ය ආකාරයට පැවැත්විය හැකි බව සඳහන් වනවා.

Share This