තරුණියන් දෙදෙනෙකු දියේ ගසාගෙන යයි
අඹන් ගඟේ මොරගොල්ල ප්රදේශයේ දිය නාමින් සිටි තරුණියන් දෙදෙනෙකු දියේ ගසාගෙන ගොස් තිබෙනවා.
නාඋල, බෝවතැන්න ජලාශයේ සොරොව්ව විවෘත කිරීම හේතුවෙන් අඹන් ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ඔවුන් මෙලෙස ගසාගෙන ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
කෙසේවෙතත් මේ පිළිබඳව නාඋල පොලිසියට ලද දැනුම්දීමක් මත වහාම ක්රියාත්මක වූ පොලිස් නිලධාරීන්, ජලාශයේ ජලය පාලනය කර තිබෙනවා.
අනතුරුව දඹුල්ල පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් කැඳවා දියේ ගිලෙමින් සිටි තරුණියන් දෙදෙනා බේරාගෙන ප්රථමාධාර ලබාදී දෙමව්පියන් වෙත භාර දී ඇති බව සඳහන්.
මෙලෙස අනතුරට පත්වූයේ 20 හා 25 හැවිරිදි වයස්වල පසුවන කෝන්ගහවෙල හා කාගම ප්රදේශවල පදිංචි තරුණියන් දෙදෙනෙක්.