ඡන්ද විමසීමට කඨින පිංකම් බාධාවක් නෑ: පැතිර යන ප්‍රචාර අසත්‍යයි

ඡන්ද විමසීමට කඨින පිංකම් බාධාවක් නෑ: පැතිර යන ප්‍රචාර අසත්‍යයි

නියමිත පරිදි ලබන 14 වැනිදා මහ මැතිවරණය පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසනවා.

ඡන්ද විමසීමට කඨින පුජෝත්සව බාධාවක් වන බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව ඔහු සඳහන් කරනවා.

මහ මැතිවරණයට පසු දිනය පොහොය දිනයක් වුවද විහාරස්ථාන ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට විහාරාධිපතිවරුන් බහුතරයක් කිසිදු අකමැත්තක් පළ කර නොමැති බව සභාපතිවරය පවසුවා.

” අපි සියලුම දිස්ත්‍රික්වල තේරීම්භාර නිලධාරීන් මඟින් අදාළ විහාරස්ථානවල හිමිවරුන්ගෙන් මේ ගැන කැමැත්ත විමසා සිටියා. විහාරස්ථාන 2,263ක ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි. එයින් විහාරස්ථාන 2,203ක විහාරාධිපති හිමිවරු කැමැත්ත පළ කරලා තියෙනවා. කඨින පිංකම් නිසාවෙන් විහාරස්ථාන 45ක සහ වෙනත් හේතු මත විහාරස්ථාන 15කුත් ඡන්ද මධ්‍යස්ථාන විදියට යොදා ගැනීමේ හැකියාවක් නෑ. එම ස්ථානවල තිබුණ ඡන්ද මධ්‍යස්ථාන වෙනත් ස්ථානවලට මාරු කරලා තියෙනවා.”

Share This