කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ සියළු කොටස් මිල දර්ශකය (ASPI) ඉතිහාසයේ ඉහළම අගය අද (04) දින වාර්තා කර තිබෙනවා.

ඒ අනුව අද දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 171.69කින් ඉහළ ගොස් ඇති බව සඳහන්.

එය ඒකක 13,511.73ක් ලෙසින් සටහන් ව තිබෙනවා.

එය මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම සියළු කොටස් මිල දර්ශක අගය වන ඒකක 13,462.4 සීමාව ඉක්මවා යාමක්.

Share This