කලාවේ නේක ඉසව් ස්පර්ෂ කළ, සරත් කුලාංග නමින් ලියවුණු චරිතාපදානය – ‘A QUANTUM LIFE’

කලාවේ නේක ඉසව් ස්පර්ෂ කළ, සරත් කුලාංග නමින් ලියවුණු චරිතාපදානය – ‘A QUANTUM LIFE’

ලාංකීය කලාව තුළ සුවිශේෂී කලාකරුවෙක් ලෙස හඳුනාගත හැකි, ප්‍රවීණ රංගන ශිල්පි සරත් කුලාංග නමින් පසුගියදා චරිතාපදානයක් එළිදැක්වුණා.

‘A QUANTUM LIFE’ මැයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් රචිත මෙම කෘතිය එළිදක්වන ලද්දේ, නොවැම්බර් 19 වැනිදාට යෙදී තිබුණු ඔහුගේ 66 වැනි උපන්දිනය වෙනුවෙන්.

කෘතිය රචනා කර ඇත්තේ, ශෝන් මැක්සිමස් දිසානායක මහතා විසින්.

Monara

කලාව තුළ නේක ඉසව් ස්පර්ෂ කළ ප්‍රවීණයෙක් ලෙස සරත් කුලාංග හඳුන්වාදිය හැකියි.

ඒ අනුව ඔහු වේදිකාව, සිනමාව, පුංචි තිරය රංගනයෙන් හැඩ ගන්වන නළුවෙක් ලෙසත්, සංගීත අධ්‍යක්ෂවරයෙක්, වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්, පිටපත් රචකයෙක්, රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් සහ හඬ කැවීම් ශිල්පියෙක් ලෙසත් හඳුනාගත හැකිය.

එවන් සුවිශේෂී කලාකරුවෙක් වන ඔහුගේ මෙතෙක් කලාව තුළ පැමිණි ගමනට වසර 50 ක් සපිරේ.

Share This