එදා බස් එකේ සිංදු කිව්ව ඇය අද, එයාගෙම සිංදුවකින් එළියට ආව හැටි
පහුගිය දවස්වල සමාජ මාධ්‍යයේ හුවමාරු වුණු එක්තරා වීඩියෝවක් තිබුණා, ගෑනු ළමයෙක් බස් එකක හරි ලස්සනට සිංදු කියන. ඇය නමින් යශෝදා.
සිංදුව අහන, ඇහුණ කවුරුත් ඇයගේ හැකියාව ඉහළින්ම අගය කරන්න දෙපාරක් හිතුවෙ නෑ.
ඒ අතර කලාව තුළ වෙනස් වැඩ එක්ක සාර්ථක ගමනක් යන චමත් සංගීත් මේ අපූරු ගායිකාව ගැන තොරතුරු හොයලා තිබුණා, ලස්සන වැඩක් එක්ක හැමෝම අතරට ඇයව අරන් එන්න.
”ඇත්තටම මෙයාට Talent එකක් තියෙනවා…
මේ Girlව මට හොයලා දෙන්න වැඩක් කරලා දෙන්න..”
චමත් සංගීත් ඇයට දැක්වූ ඒ මනුස්සකම එක්ක එළියට ආව අළුත් ම නිර්මාණය තමයි ‘පෙම් මල්දම්’
සාමාන්‍යයෙන් සමාජ මාධ්‍ය තුළ වයිරල් යන මෙවන් වීඩියෝවක් දැකලා උදව් කරන්න වගේ කතා කළාට, ඇත්තටම එහෙම උදව් කරන්නෙ කීයෙන් කීදෙනාද.
අන්න ඒ නිසාමයි, චමත් කළ මේ අපූරු වැඩේ අපි අගය කළ යුත්තේ.
”පොරොන්දුවක් වුණා මං මේ Bus එකේ ලස්සනට Sing කරන නංගිව හොයාගෙන, එයාට ලස්සන වැඩක් කරලා දෙන්න..
ගොඩක් අය comment කරා, Message දැම්මා. ඒ හැමදෙනෙක්ටම
ගොඩක් ස්තූතී සහ ගොඩක් දෙනෙක් මේ Project එකට විවිධ විදිහට උදව් කරන්න කතා කරා…”
මේ හැම දෙනෙක්ටම ගොඩක් ස්තූතී..
මේ නංගිගේ song එක “පෙම් මල්දම්”
බස් එකකට ගොඩවෙලා සිංදුවක් කියද්දි ඇය කවදාවත් හිතන්න නැතුව ඇති, ලංකාවේ ඉහළ ජනප්‍රියත්වයක් ඇති අයෙක් ළඟට ගිහින් රටක් දන්න කියන චරිතයක් හැටියට ලස්සන නිර්මාණයකින් එළියට එන්න ලැබේවි කියන එක.
නමුත් ඇයටත් ඊට හීනයක් තියෙන්න ඇති.
මේ මහපොළොවේ මනුස්සකම් හුස්ම ගන්නකල්, එවන් හීන හීනව යන්නෙ නෑ කියලා කියන්න “පෙම් මල්දම්” හොඳම උදාහරණයක්.
චමත් එක්ක මේ වැඩේට තවත් පිරිසක් එක්කාසු වෙලා තිබුණා.
ඒ හැමෝගෙම සහයෝගයෙන් එළියට ආව, “පෙම් මල්දම්” C Music යූටියුබ් නාලිකාව පැත්තෙ ගිහින් ඔබටත් රසවිඳින්න පුළුවන්….