එක්සත් ජනපදයේ සහකාර ලේකම් සහ ඇමති විජිත අතර හමුවක්
එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර අද (06) හමුවක් සිදුව තිබෙනවා.
එම හමුවට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ සහ ඇමෙරිකානු භාණ්ඩාගාරයේ නියෝජිතයන්ද සහභාගී වූ බවයි ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ.
එහිදී ඔවුන්, ශ්‍රී ලංකා නව රජයට සුභ පැතූම් ද එක්කර තිබෙනවා.
එමෙන්ම දෙපාර්ශ්වයම උනන්දුවක් දක්වන ප්‍රමුඛතා පිළිබඳ එහිදී සාකච්ඡා කර ඇති බව සඳහන්.
මෙරට ජනතාවට ප්‍රතිලාභ සැලසෙන පරිදි ආර්ථික සහ රාජ්‍ය පාලන ප්‍රතිසංස්කරණවලට සහාය වීම සඳහා ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාවට එක්ව කටයුතු කළ හැකි ක්‍රමයන් පිළිබඳව ද එහිදී අවධානය යොමුකර තිබෙනවා.