ඉසුරුපාය විරෝධතාවයේදී පොලිසියට තුවාල කරලා තියෙන්නේ හමුදා බුද්ධි නිලධාරියෙක් ලු.!

ඉසුරුපාය විරෝධතාවයේදී පොලිසියට තුවාල කරලා තියෙන්නේ හමුදා බුද්ධි නිලධාරියෙක් ලු.!

පසුගිය දෙසැම්බර් මස 02 වැනිදා ඉසුරුපාය ඉදිරිපිට සංවර්ධන නිලධාරින් විසින් සංවිධාන කර තිබූ විරෝධතාවයේදී පොලිස් නිලධාරින්ට තුවාල සිදු කළ බවට චෝදනා ලැබූ පුද්ගලයා හමුදා බුද්ධි අංශය සාමාජිකයෙක් බවට තොරතුරු වාර්තා වනවා.

‘ද අයිලන්ඩ්’ ජාතික පුවත්පත මේ බව වාර්තා කර ඇත්තේ, පොලිස් ආරංචි මාර්ග පදනම් කරමින්.

එම විරෝධතාවයේදී කලහකාරි ලෙස හැසිරුණු පුද්ගලයෙක්ව සංවර්ධන නිලධාරින් විසින් පොලිස් නිලධාරින් වෙත භාරදී තිබුණා.

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්, ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරින් විසින් ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාව සංවිධාන කිරීමටයි කටයුතු කළේ.

එහිදී පොලිස් නිලධාරින් විසින් විරෝධතාකරුවන් පාලනය කිරීමට උත්සහා කිරීමේදී නොසන්සුන්තාවක් ඇති වුණා.

එහිදී උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකුට තුවාල සිදු වූ බව සඳහන්.

එම සිද්ධියට චෝදනා කරමින් විරෝධතාකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

කෙසේ වෙතත් පොලිස් නිලධාරින්ට තුවාල කිරීම බවට කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට නොගත් බවටයි, සංවර්ධන නිලධාරින් චෝදනා කළේ.

Share This