ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් දිවයිනට
![ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් දිවයිනට ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් දිවයිනට](https://monara.com/wp-content/uploads/2024/12/US-Assistant-Secretary-to-arrive-in-SL-during-South-Asia-visit.jpg)
අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ දිවයිනට පැමිණ තිබෙනවා.
ඔහු අද (05) අළුයම 02.55ට දෝහා නුවර සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර් – 662 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණ ඇති බව සඳහන්.
ඩොනල්ඩ් ලූ සමග එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තවත් උසස් නිළධාරියෙක්ද දිවයිනට පැමිණ තිබෙනවා.
ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.
අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ ප්රයත්නයන් ඉදිරියට ගෙන යාම අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ වන බව සඳහන්.
ඔහු එළැඹෙන 10 වැනිදා දක්වා ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ නේපාලය යන රටවල සංචාරය කිරීමට නියමිතයි.