අභිෂේක්, ඓශ්වර්යාට ස්තූති කරයි !: ”ඓශ්වර්යා, ආරාධ්‍යා සමඟ ඉන්න බව මම දන්නවා. මම වාසනාවන්තයි..”
අභිෂේක් බච්චන්, ඓශ්වර්යා රායිට ස්තූති කරලා.
ඒ, කතාව විශේෂ වෙන්නෙ අභිෂේක් – ඓශ්වර්යා දෙන්නා ‘වෙන්ව ඇති බවට’ පැතිර යන කතාවත් එක්ක මේ ගැන අහන්න ලැබීම නිසාවෙන්.
අභිෂේක් බච්චන්ගේ නවතම චිත්‍රපටය තමයි ‘I Want To Talk’
විචාරකයින්ගෙන් ඉමහත් ප්‍රශංසාවට ලක්ව ඇති නිර්මාණයක් ඒක.
බොහෝදෙනා විශ්වාස කරනවා, මේ නිර්මාණය අභිෂේක්ගේ සැලකිය යුතු නැවත පැමිණීමක් සනිටුහන් කරන බව.
චිත්‍රපටය රෝගාතුර වූ පියෙකුගේ කතාව සහ ඔහුගේ දියණිය සමඟ ඇති සංකීර්ණ සම්බන්ධය ගැන ගැඹුරින් විස්තර කරන්නක්.
ඉතින්, චිත්‍රපටය ගැන කෙරෙන කතාබහකදී තමයි අභිෂේක්, ඓශ්ට ස්තුතිවන්ත වෙලා තිබුණෙ.
අභිෂේක් මේ කතාබහ අතරතුරදි දියණිය ආරාධ්‍යා සහ තමන් අතර ඇති බැඳීම ගැන විවෘතව කතා කරලා තිබුණා.
එහිදී ඔහු ඓශ්වර්යාගේ ‘නොසැලෙන සහයෝගයට’ කෘතඥතාව පළ කරලා.
“මගේ ගෙදරදී, මම වාසනාවන්තයි මට එළියට ගිහින් චිත්‍රපට කරන්න ලැබීම ගැන.
ඓශ්වර්යා, ආරාධ්‍යා සමඟ නිවසේ සිටින බව මම දන්නවා.
ඒ සඳහා මම ඇයට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.
දරුවන් විශාල ආශ්වාදයක්.
මම මේ දේවල් කියන්නෙ, මව්වරුන්ට සහ කාන්තාවන්ට ගැඹුරු ගෞරවයක් ඇතිව.
වයසත් එක්ක දරුවන්ට තේරෙනවා එයාලගේ තාත්තලා කොච්චර ශක්තිමත් ද කියලා.
ඔවුන් බොහෝවිට ඉන්නෙ පසුබිමේ….”
ඒ විතරක් නෙවෙයි, තම පියා වන අමිතාබ් බච්චන් ගැනත් ඔහු සඳහන් කරලා තිබුණා.
කාර්යබහුල කාලසටහනක් තිබියදීත්, ඔහු සෑම විටම සිය දරුවන් වෙනුවෙන් කාලය ගත කළ ආකාරය ගැන අභිෂේක් විශේෂයෙන් සඳහන් කරලා.
”ඔහු අප නින්දට ගිය පසු පැමිණෙන අතර පසුදා උදෑසන අවදි වීමට පෙර පිටත්ව යයි.
ඔහුට එතරම් කාර්යබහුල කාලසටහනක් තිබියදීත්,
මගේ පාසලේ එක් වාර්ෂික දිනයක් හෝ ඔහුට මග හැරුණු පැසිපන්දු අවසන් මහා තරගයක් ගැනවත් මට මතක නැත.
දවස අවසානයේදී, ඔහු සැමවිටම අප වෙනුවෙන් සිටී…”
අභිෂේක් – ඓශ්වර්යා දෙන්නගෙ වෙන්වීම ගැන පැතිරෙන කතාවලදී වැඩි චෝදනාවක් එල්ල වෙන්නෙ, ජයා බච්චන්ට.
ඒ කොහොම නමුත් අභිෂේක්, ‘කුඩා කාලයේ තමාට කිසි තනිකමක් දැනුනේ නැති බව’ පසක් කරමින් මව වන ජයා බච්චන්ට ද විශේෂයෙන් ම ස්තුතිවන්ත වෙලා තිබුණා.
“මගේ අම්මා මම ඉපදෙනකොටම රඟපෑම නැවැත්තුවේ ළමයි එක්ක කාලය ගත කරන්න ඕන නිසා.
තාත්තා ළඟ නැති අඩුව අපිට කවදාවත් දැනුණේ නැහැ.
වැඩ ඉවර වෙලා දවස ඉවර වෙලා එයා ගෙදර එන්නේ රෑට….”